ඔබ ඔවුන්ගේ භාර්යාවන් බලයෙන් පැහැරගෙන යනු ලබන්නට ඉඩ දුන් සේක; ඔවුන්ගේ දූවරුන් වහල් බවට පාවා දුන් සේක; ඔවුන්ගෙන් කොල්ලකාගත් සියලු දේ, ඔබ උදෙසා ජ්වලිතකමින් ඇවුළුණු ඔවුන්ගේ පරපුරට සිදු කරන ලද කැළල පිළිකුල් කර, තමන්ගේ ආධාරය සඳහා ඔබට අඬගැසූ, ඔබේ පක්ෂපාත ජනයා අතර බෙදාගන්නට සැලැසූ සේක. දෙවියනි, මාගේ දෙවියනි, මේ අසරණ කනවැන්දුම් ස්ත්‍රියටත් එසේ ම සවන් දුන මැනව.