“මාගේ පියා වූ සිමියොන්ගේ දෙවි සමිඳුනි කන්‍යාවක ලජ්ජාවට පත් කරමින්, ඇගේ ඉඟ පටිය මුදා ඈ වික්ෂිප්ත කරමින්, ඇගේ ඇලය නග්න කොට ඈට අගෞරව කරමින්, ඇගේ ගර්භය කෙලෙසූ විදේශිකයන්ගෙන් පළිගැනීමට ඔබ පිය සිමියොන් කඩුවකින් සන්නද්ධ කළ සේක. මන්ද, ‘මෙය නොකළ යුතු ය’යි ඔබ කී නමුත්, ඔවුන් එය කළ හෙයිනි.