එහෙත්, මා කරන්නට අදහස් කරන්නේ කුමක් දැ යි නොඅසන්න. මා එය නිම කරන තුරු ඔබට නොදන්වන්නෙමි”යි කීවා ය. උසියා සහ ප්‍රධානියා ඇයට කතා කොට, “සාමදානයෙන් යන්න. දෙවියන් වහන්සේ අපේ සතුරන්ගෙන් පළිගන්නට ඔබට මඟ පෙන්වන සේක් වා”යි කී හ. ඔව්හු ද උඩුමහල් කාමරයෙන් පිට වී තම මුර ස්ථානවලට ගියෝ ය.