ඔවුන් තමා වෙත ආ කල ඈ මෙසේ කීවා ය: “බෙතුලියාවේ වැසියන්ගේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න. ඔබ අද සෙනඟ ඉදිරියෙහි කළාක් මෙන් කතා කිරීමෙන් ද, නියම කරන ලද කාලය තුළ දී සමිඳාණන් වහන්සේ ඔබට සහාය නොවන සේක් නම් නුවර සතුරන්ට පාවා දීමට උන් වහන්සේට විරුද්ධ ව දිවුරුමකින් බැඳීමෙන් ද වරදක් කළහු ය.