යුද්ධයට සැරසුණු සියලු භටයෝ ඒ දවසේ දී ම පිටත් ව ගියහ. ඔවුන්ගේ සංග්‍රාමික බල සේනාව පාබල හේවායන් එක සිය විසි දාහකින් ද අශ්වාරෝහක භටයන් දොළොස් දාහකින් ද යුක්ත විය. ඔවුන් සමඟ ම ගමනට අවශ්‍ය බඩු හා උපකරණ ද ඒවා රැක බලාගනිමින් පයින් ගිය අති විශාල පිරිසක් ද වූහ.