ඒදොම්වරුන් ද අම්මොන්වරුන් ද නැඟී ගොස් දෝතයින් ඉදිරිපිට කඳුකරයෙහි නියම තැන්වල නැවතී මොක්මුර් මිටියාවතේ කාදෙෂ්ට නුදුරින් එග්රෙබෙල් ඉදිරියෙහි දකුණු හා නැගෙනහිර දෙසට තමන් අතරෙන් මිනිසුන් සමහරෙකු යැව්වෝ ය. අසිරිය හමුදාවේ ඉතිරි අය මිටියාවතෙහි නැවතුණහ. ඔවුන්ගෙන් මුළු ප්‍රදේශය වැසී ගියේ ය. ඔවුන්ගේ සංබ්‍යාව අනල්ප වූ හෙයින් ඔවුන්ගේ කූඩාරම්වලින් ද උපකරණ හා බඩුබාහිරාදියෙන් ද අතිවිශාල කඳවුරක් සෑදුනේ ය.