අපි ඔවුන් පුළුස්සා දමන්නෙමු. ඔවුන්ගේ කඳු වැටි ඔවුන්ගේ ලේ උරාගෙන, එයින් පෙඟී යනු ඇත. ඔවුන්ගේ මිටියාවත් ඔවුන්ගේ මළකඳන්වලින් පිරී යනු ඇත. අපට විරෝධය දක්වන්නට නොහැකි ව ඔව්හු පළමුවැන්නා පටන් අන්තිමයා දක්වා සියලු දෙනා මරනු ලබන්නෝ ය. මුළු ලෝකයට ස්වාමියා වන නෙබුකද්නෙශර් රජ මෙසේ කියයි: ‘ඔහු කතා කළොත්, ඔහුගේ වචන නිෂ්ඵල නොවන්නේ ය.