ජනයා තිස් දවසක් මුළුල්ලෙහි කඳවුර කොල්ලකෑවෝ ය. ඔව්හු ජුදිත්ට හොලෝපර්නස්ගේ කූඩාරම ද ඔහුගේ සියලු රිදී භාණ්ඩ ද ඔහුගේ යහන ද භාජන හා කුසලාන ද ඔහුගේ සියලු බඩුබාහිරාදිය ද දුන්නෝ ය. ඈ මේවා රැගෙන තම කොටළුවා පිට පටවාගෙන තම රථවලට අශ්වයන් යොදවා ඒවා තුළ සියලු දේ පැටෙව්වා ය.