ජුදිත් ඇතුළු වී තමාගේ නියම තැන ගත්තා ය. ඈ දැක්මෙන් ම හොලෝපර්නස්ගේ හෘදය සම්පූර්ණයෙන් කුල්මත් විය. ඔහුගේ සිත කැළඹුණි. ඇය සමඟ සයනය කිරීමට බලවත් ආශාවක් ඔහු තුළ විනිවිද ගියේ ය. මන්ද, ඇය දුටු පළමු වන දවසේ පටන් ඔහු ඇය දූෂණය කරන්නට යෝග්‍ය අවස්ථාවක් සොයමින් සිටි හෙයිනි.