එවිට බගොවස් හොලෝපර්නස් කෙරෙන් පිටත් ව ජුදිත් හමුවීමට ගොස්, “මේ තරුණ ශෝභන කාන්තාව මාගේ ස්වාමීන් ඉදිරියට පැමිණෙන්ට කරුණා නොකරන්නී ද? ඈ ඔහු අභිමුව ගෞරව ස්ථානයෙහි හිඳිනු ඇත. අප සමඟ මංගල මුද්‍රික පානය බොමින් අද ම නෙබුකද්නෙශර්ගේ මාලිගයෙහි සිටින අසිරියා කාන්තාවක මෙන් සලකනු ලබන්නී ය”යි කීවේ ය.