ජීවත් ව සිටින සියලු දෙනා නිවැරදි මාර්ගයෙහි පිහිටු වන්නට ඔබ එවූ මුළු ලෝකයේ රජ වූ නෙබුකද්නෙශර් චිරාත් කාලයක් වැජඹේ වා! ඔහුගේ බලය නොකැඩී පවතී වා! ඔබ නිසා ඔහු මනුෂ්‍යයන් විසින් සේවය කරනු ලබනු පමණක් නොව ඔබේ ශක්තියේ ප්‍රතිඵලයක් වශයෙන් වන මෘගයෝ ද ගව බැටළු රැළවල් ද අහසේ පක්ෂීහු ද නෙබුකද්නෙශර් උදෙසාත් ඔහුගේ වංශය උදෙසාත් ජීවත් වන්නෝ ය.