ජුදිත් දෙවියන් වහන්සේට නමස්කාර කළ පසු ඔවුන්ට කතා කොට, “මා පිටතට ගොස් ඔබ දැන් මට ප්‍රකාශ කළ සියලු ආශාවන් ඉටු කරන්නට හැකි වන පිණිස නුවර දොරටුව ඇර තබන්නැ”යි කීවා ය. ඈ ඉල්ලා සිටි ප්‍රකාර ඈට දොරටුව අරින ලෙස ඔව්හු තරුණ මුරකාරයන්ට අණ කළෝ ය.