එහි දී තමා හැඳ සිටි ගෝනි රෙදි ගලවා කනවැන්දුම් ස්ත්රීන් අඳින වස්ත්ර ඉවත් කොට හොඳින් ස්නානය කොට වටිනා සුගන්ධ තෛලයෙන් ආලේප වී විසිතුරු ලෙස වරලස පීරා මුතු මැණික් එබ්බ වූ හිස් වෙළුමක් පැළඳගෙන ඇගේ ස්වාමි පුරුෂයා වූ මනස්සේ ජීවත් ව සිටිය දී තමා භාවිත කළ මංගල ඇඳුමෙන් සැරසුණා ය.