ඈ පැමිණි බව ඔහුට සැළ කරන ලදි. එවිට රිදී පන්දම් දැරූ සේවකයන් පෙරටුව යද්දී ඔහු කූඩාරමේ විවෘත කොටසට ආවේ ය. සෙන්පතියා හා ඔහුගේ සහකාර මුලාදෑනින් ඉදිරියෙහි ජුදිත් හුන් විට ඇගේ මුහුණේ ශෝභාව ඔවුන් සියලු දෙනා වසඟ කෙළේ ය. ඈ මුණින් වැටී ඔහුට ආචාර කළා ය. එහෙත්, ඔහුගේ මෙහෙකරුවෝ ඈ නඟා සිටෙව්වෝ ය.