ඔව්හු ඇගේ විස්මයජනක රූප ශෝභාව ගැන ප්‍රසාදය දක්වමින් ඈ නිසා ඉශ්රායෙල් ජනයා ද අගේ කොට සලකන්නට පටන්ගත්තෝ ය. “තමන් අතර මෙබඳු ස්ත්‍රීන් ඇති සෙනඟක් හෙළා දකින්නට හැකි වනුයේ කාට දැ”යි ඔව්හු කීවෝ ය. “ඔවුන් අතරෙන් එක මිනිසෙකු වත් පණපිටින් ඉතිරි කිරීම නුවණට හුරු නොවේ. නොමැරී ඉතිරි වන අයට මුළු ලෝකය වසඟ කරගන්නට හැකි වනු ඇතැ”යි ඔව්හු තවදුරටත් කීවෝ ය.