අසිරියවරුන්ගේ මුර පිරිසක් ඔවුන් හමු වීමට ගොස් ජුදිත් අල්ලා ඇගෙන් “ඔබ කොයි පක්ෂයට අයිති ද? ඔබ ආයේ කොහින් ද? ඔබ යන්නේ කොහි දැ?”යි ප්‍රශ්න කළෝ ය. ඈ උත්තර දෙමින්, “මම හෙබ්‍රෙව්වරුන්ගේ දුවක්මි. මම ඔවුන් කෙරෙන් පලා යමි, මන්ද, වැඩි කල් යන්නට පෙර ඔවුන් ඔබේ ගොදුර වන හෙයිනි.