ඔව්හු ද එසේ ම කළහ. එවිට ජුදිත් තම මෙහෙකාරිය සමඟ පිටතට ගියා ය. ඈ කන්දෙන් බැස මිටියාවත හරහා යන තෙක් ම නුවර වැසියෝ ඈ දෙස බලා සිටියෝ ය. ඉන්පසු ඈ ඔවුන්ට නොපෙනී ගියා ය.