එකෙණෙහි ම රජුගේ ලේකම්වරු ද කැඳවනු ලැබුවෝ ය. එදින සීවාන් නම් තුන් වන මාසයේ විසි තුන් වන දින විය. මොර්දෙකායිගේ අණ පිට ඔව්හු ජුදෙව්වරුන්ට ප්‍රදේශ එක සිය විසි හතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා ප්‍රදේශවල දිශාපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද අධිපතීන්ට ද එක එක ප්‍රදේශයේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් හා ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යැව්වෝ ය.