මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ භෝජන සංග්‍රහයට ආවෝ ය. භෝජන අනුභව කරන අතර රජ එස්තර්ට නැවත කතා කොට, “ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් ම එය ඔබට දෙනු ලැබේ. රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඒ ඉල්ලීම ඉටු කරනු ලැබේ ය”යි කීයේ ය.