එස්තර් (ග්‍රීක් පිටපත) 5:2 - Sinhala New Revised Version 2018 ඔහු තම රන්මුවා රාජ යෂ්ටිය ඔසවා, එය ඇගේ ගෙල මත තබා ඇය වැළඳ ගෙන, “මට කතා කරන්නැ”යි කීවේ ය. ඈ ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමානව සිටිනු මම දිටිමි. එවිට මාගේ හෘදය කැළඹුණේ ය. මම ඔබේ තේජස දැක බිය වීමි. මන්ද, ස්වාමීනි, ඔබ විස්මයජනක වන හෙයිනි. ඔබේ මුහුණ ප්‍රසාදජනක වන හෙයිනි”යි කීවා ය. ඈ මෙසේ කතා කරමින් සිටිය දී මූර්ඡා වූවා ය. රජ කලබල විය. අවට සිටි පිරිවර ඇය ප්‍රාණවත් කිරීමට උත්සාහ කළෝ ය. |