එවිට ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “පනස් රියනක් උස ඇති පෝරකයක් සාදවා මොර්දෙකායි එහි එල්ලා දමන ලෙස හෙට උදේ රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් සහභාගි වන්නට ඔබට හැකි වන්නේ ය”යි කීවෝ ය. මේ උපදේශයෙන් සතුටට පත් වූ හාමාන් පෝරකය සූදානම් කිරීමට සැලැසුවේ ය.