එවිට එස්තර්ගේ සේවිකාවෝ ද නපුංසකයෝ ද මේ බව ඇයට දැන්වූවෝ ය. බිසව අතිශයින් ශෝකපත් වූවා ය. ගෝනි රෙදි වෙනුවට වෙන වස්ත්‍ර අඳින පිණිස ඈ මොර්දෙකායිට ඇඳුම් යැව්වා ය. එහෙත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කෙළේ ය.