“අඬගසනු නොලැබ මළුවට රජු වෙත යන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ වුව ද නොනස්නා පිණිස රජු ඒ අය දෙසට රාජ යෂ්ටිය දිගු කළොත් මිස එසේ යන තැනැත්තා සම්බන්ධයෙන් ඇත්තේ එක ම වෙනස් නොවන නියමයක් බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සියලු වැසියෝ ද දනිති. ඇරත් රජු ළඟට යන්නට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමි”යි මොර්දෙකායිට කියන්නට අණ කළා ය.