එස්තර් (ග්‍රීක් පිටපත) 3:9 - Sinhala New Revised Version 2018 ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ගණන් නැති ජනයා අතර අපට සම්බන්ධ කර ගත නොහැකි එක්තරා මනුෂ්‍ය වර්ගයක් පැතිර ගොස් සිටී. ඔවුන්ගේ නීති අනෙක් සියලු ජාතීන්ගේ නීතිවලට වෙනස් ය. ඔවුන් රජුගේ නීති පිළිපදින්නේ නැත. එබැවින් ඔවුන් රුස්සා සිටීම රජුගේ ප්‍රයෝජනය සඳහා නොවේ. “ඔවුන් විනාශ කිරීමට නියම කිරීම රජුගේ අභිමතය වන්නේ නම් රාජකීය භාණ්ඩාගාරයට බාර දෙන පිණිස මම එහි නිලධාරීන්ට රිදී කාසි දහ දාහක් ගෙවන්නෙමි”යි කීවේ ය. |