ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත් ඔහු ඇහුම්කන් නුදුන්නේ ය. එවිට ඔව්හු මොර්දෙකායි තමාගේ අදහස අනුව තවත් දුරට කරගෙන යන්නේ දැ යි බලන පිණිස මේ බව හාමාන්ට දැන්වූවෝ ය. මන්ද, තමා ජුදෙව්වෙකැ යි ඔහු ඔවුන්ට කියා තිබුණු හෙයිනි.