රජුගේ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කල්හි තරුණියෝ බොහෝ දෙනෙක් සූසාහි බලකොටුවට රැස් කරන ලදුව රාජ මාලිගාවට ගෙනයනු ලැබුවෝ ය. අනෙක් තරුණියන් මෙන් ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතට බාර දෙන ලද මේ තරුණිය ඔහුට ප්‍රසන්න වී ඔහුගේ ප්‍රසාදය ලබා ගත්තා ය.