ඔහු හදස්සා හෙවත් එස්තර් නමැත්තියක දරුවෙකු මෙන් ඇතිදැඩි කරගෙන සිටියේ ය. ඔහුගේ බාප්පාගේ දුව වූ ද මවුපිය දෙදෙනා නැති ව අනාථ වූ ද ඈ මනා පෙනුමකින් සහ ශෝභා සම්පන්න මුහුණකින් යුතු ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකායි ඇය තමාට දුවක වශයෙන් හදාගත්තේ ය.