මොර්දෙකායි ඒ ගැන එස්තර් බිසවට දැන්වූයේ ය. එස්තර් ද මොර්දෙකායිගේ නාමයෙන් රජුට ඒ ගැන කීවා ය. කාරණය විභාග කරගත් කල්හි එය සැබෑ බව ඔප්පු විය. කුමන්ත්‍රණකාරයෝ දෙදෙනා පෝරකයට යවන ලද්දෝ ය. මේ කාරණය රජු ඉදිරියෙහි දී ම රාජ වංශාවලියෙහි ලියා තබන ලද්දේ ය.