එක එක තරුණ ස්ත්‍රීන් සඳහා වූ නියෝගයෙන් නියම කරන ලද කාලයට හෙවත් මාස දොළසකට පසු තමාගේ වාරය අනුව අහෂ්වේරොෂ් රජ ඉදිරියෙහි පෙනී සිටීම අවශ්‍ය විය. මේ සූදානම් වීමේ කාලය මෙසේ ගත කළ යුතු විය. සය මසක් තුළ තරුණියෝ සුවඳ ලාටු තෛලය භාවිත කළෝ ය. තවත් සය මසක් තුළ ගුගුල් ද ස්ත්‍රීන් තමන් අලංකාර කරගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදන සුගන්ධ තෛලය ද පාවිච්චි කළෝ ය.