එහි සුදු පාට හා දම් පාට ඇති ගෙත්තමින් සැරසූ තිර රෙදි, සිහින් හණ නූල්වලින් ද නීලරක්ත නූල්වලින් ද යුත් රිදී මුදු, සුදු කිරි ගරුඬ කුලුණුවල සවිකර තිබුණේ ය. විශිෂ්ට ගල් ද, සුදු කිරි ගරුඬ ද සිප්පි කටු හා නොයෙක් වර්ණවල කුඩා ගල් ද අල්ලන ලද බිමක රන් රිදී යහන් තබා තිබිණි.