ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 9:8 - Sinhala New Revised Version 2018

ඔහු වැඳ කතා කොට, “මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු වැඳ කතා කොට, “මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 9:8
7 හුවමාරු යොමු  

එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.


දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය.


එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනො‍දී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය.


හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් දුරු ව විදේශිකයෙකු මෙන් මාගේ ලේ බිම හැළෙන්නට ඉඩ නුදුන මැනව. කඳුවල වටුවෙකු පස්සේ එළවා යන්නෙකු මෙන් මා වැනි බලුමැක්කෙකු මැරීමට ඉශ්රායෙල්හි රජතුමා පිටත් ව එන්නේ කුමට ද?”