එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.
2 සාමුවෙල් 8:13 - Sinhala New Revised Version 2018 දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය. Sinhala New Revised Version දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය. Sinhala Revised Old Version දාවිත් ලුණු මිටියාවතේදී සිරියවරුන්ගෙන් දහඅට දාහකට පහර දී හැරී ආ කල ඔහු කීර්තිමත්වුණේය. |
එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.
නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි.
දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය.
ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.
ඉක්බිති අමශියා ධෛර්යය වඩා තම සෙනඟ කැඳවාගෙන, ලුණු මිටියාවතට පැමිණ සේයිර්වරුන්ගෙන් දසදහසක් මැරී ය.
අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.