ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 6:11 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 6:11
7 හුවමාරු යොමු  

ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.


තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.


ජෝසෙප් ගෘහයේ හා එහි සියල්ලේ කළමනාකරු හැටියට පත් කළ දින පටන් සමිඳාණන් වහන්සේ මිසර ජාතිකයාගේ ගෘහයට ආශීර්වාද කළ සේක. ඇරත් ඔහුගේ ගෘහයේ හා වතුපිටිවල සියල්ල කෙරෙහි ඒ ආශීර්වාදය විය.


එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.


ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;


මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.