ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
2 සාමුවෙල් 5:2 - Sinhala New Revised Version 2018 පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය. Sinhala New Revised Version පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය. Sinhala Revised Old Version පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය. |
ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි.
මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද?
“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
පසුගිය කාලවල සාවුල් රජ ව සිටිය දී පවා, ඉශ්රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේ ද ආපසු ගෙනාවේ ද ඔබ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කරන්නෙහි ය, නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා වන්නෙහි ය’ කියා ඔබට වදාළ සේකැ”යි කීවෝ ය.
එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.
දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.
ඔවුන් පෝෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය.
එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.
‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ ”යි ඔහුට කී හ.
මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.
එහෙත්, දැන් ඔබේ රජකම පවතින්නේ නැත. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ දේ ඔබ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකඟ වන මිනිසෙකු තෝරාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි ඔහු නායකයා වන පිණිස නියම කර ඇතැ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.
ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.
සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.
ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි
“මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.