එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
2 සාමුවෙල් 4:4 - Sinhala New Revised Version 2018 සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය. Sinhala New Revised Version සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය. Sinhala Revised Old Version සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ට පාද කොරවූ පුත්‍රයෙක් සිටියේය. යෙස්‍රෙයෙල්හි සිටි සාවුල් සහ යොනාතාන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙක් ව සිටියේය, ඔහුගේ කිරි මවු ඔහු වඩාගෙන පලාගියාය. ඈ ඉක්මන්කර පලා යන අතර ඔහු වැටී කොරවුණේය. ඔහුගේ නම මෙඵිබොෂෙත්ය. |
එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
මෙලෙස මෙපිබොෂෙත් ජෙරුසලමේ විසී ය. මන්ද, ඔහු රජු සමඟ එකට වාඩි වී නිතර ම කෑම කෑවේ ය. ඔහුගේ දෙපය ම කොර වී තිබිණි.
රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය.
සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය.
එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි.
පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.
මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.