ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 3:6 - Sinhala New Revised Version 2018

සාවුල්ගේ වංශය ද දාවිත්ගේ වංශය ද අතරේ යුද්ධය පැවතෙද්දී, අබ්නේර් සාවුල්ගේ වංශයෙහි එන්න එන්න බලවත් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සාවුල්ගේ වංශය ද දාවිත්ගේ වංශය ද අතරේ යුද්ධය පැවතෙද්දී, අබ්නේර් සාවුල්ගේ වංශයෙහි එන්න එන්න බලවත් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 3:6
10 හුවමාරු යොමු  

සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.


සවැනියා දාවිත්ගේ බිරිඳ වන එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය. මොවුහු හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්නාහ.


ජේහු ද රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් ද බාල්ගේ දේවාලයට ගොස්, “බාල් අදහන සියල්ලන් මිස, මෙහි ඔබ සමඟ සමිඳාණන් වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැ”යි බාල් අදහන්නන්ට කී ය.


එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.


සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.