තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
2 සාමුවෙල් 3:38 - Sinhala New Revised Version 2018 රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද? Sinhala New Revised Version රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද? Sinhala Revised Old Version රජ්ජුරුවෝ තමාගේ සේවකයන්ට කථාකොට: අද දවසේ ඉශ්‍රායෙල්හි අධිපතියෙක්ද උත්තමයෙක්ද වැටුණු බව නුඹලා දන්නේ නැද්ද? |
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
එකල අබ්නේර්, දාවිත් වෙත පණිවුඩකාරයන් යවා, “දේශය අයිති කවරෙකුට ද? මා සමඟ ඔබේ ගිවිසුම කරගන්න. එවිට සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවා ගන්න පිණිස මාගේ සහාය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නොවූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ.
මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.
ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති.
දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය.