එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,
2 සාමුවෙල් 3:31 - Sinhala New Revised Version 2018 දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය. Sinhala New Revised Version දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය. Sinhala Revised Old Version දාවිත් යෝවාබ්ටත් ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කථාකොට: නුඹලාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි ඇඳගන, අබ්නේර්ට පෙරටුවෙන් වැලපෙමින් යන්නැයි කීවේය. දාවිත් රජද දෙනය පස්සෙන් ගියේය. |
එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,
දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය.
එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ.
තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.
එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ.
ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.
හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය.
තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.
උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.