2 සාමුවෙල් 22:23 - Sinhala New Revised Version 2018 එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය. එතුමන්ගේ පනත්වලින් ඉවත් ව නොගියෙමි. Sinhala New Revised Version එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය. එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නොගියෙමි. Sinhala Revised Old Version උන්වහන්සේගේ සියලු විනිශ්චයයෝ මා ඉදිරියෙහි වූය. උන්වහන්සේගේ පනත්වලින් අහක්ව නොගියෙමි. |
ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපනත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”
“ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.
“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.