එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.
2 සාමුවෙල් 21:22 - Sinhala New Revised Version 2018 ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය. Sinhala New Revised Version ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය. Sinhala Revised Old Version ඒ සතරදෙනා ගාත්හිදී යෝධයා නිසා උපන්නෝය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය. |
එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.
ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.
මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.
දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.