දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.
දාවිත් ගොස් සාවුල්ගේ ඇට සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේ ඇට එතැනින් ගෙනායේය. එල්ලා දමනලද තැනැත්තන්ගේ ඇටත් ඔව්හු එකතුකළෝය.
එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය.
සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.