එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක් ද නැඟිට ගියහ.
2 සාමුවෙල් 2:14 - Sinhala New Revised Version 2018 “තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය. Sinhala New Revised Version “තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය. Sinhala Revised Old Version අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය. |
එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක් ද නැඟිට ගියහ.
එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.
ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය.
එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය.
ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?