ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.
2 සාමුවෙල් 2:12 - Sinhala New Revised Version 2018 නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ. Sinhala New Revised Version නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ. Sinhala Revised Old Version නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝද මහනායිම් සිට පිටත්ව ගිබියොන්ට ගියෝය. |
ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.
අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”
ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය.
“ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය.
මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය.