එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.
2 සාමුවෙල් 19:10 - Sinhala New Revised Version 2018 අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ. Sinhala New Revised Version අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන නුඹලා නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය. |
එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.
එවිට රජ ද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද පිටත් ව ගියහ. රජ තෙමේ රාජ මාලිගාව බලාගැනීමට උපභාර්යාවන් දසදෙනෙකු නතර කොට පලා ගියේ ය.
එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.
එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න.
මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ.
සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත.
“ඔව්හු මාගේ කැමැත්ත නැති ව රජවරුන් තෝරාගත්හ; මාගේ අනුමැතිය නැති ව අධිපතීන් පත් කළහ; ඔවුන්ගේ විනාශයට හේතු වන දේව පිළිම ඔවුන්ගේ රන් රිදීයෙන් තනාගත්හ.
ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.