දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය.
2 සාමුවෙල් 18:25 - Sinhala New Revised Version 2018 මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය. Sinhala New Revised Version මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය. Sinhala Revised Old Version මුරකාරයා මොරගසා එපවත් රජුට කීය. ඔහු තනියම එන්නේ නම් ආරංචි ගෙනෙන්නේයයි රජ කීවේය. ඔහු ඉක්මනට ඇවිත් ළංවුණේය. |
දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය.
මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, “තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, “ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය.
එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.