ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 17:20 - Sinhala New Revised Version 2018

අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නො‍වූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නො‍වූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 17:20
9 හුවමාරු යොමු  

එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.


ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ.


“නුඹලා සොරකම් නොකළ යුතු ය. වංචා නොකළ යුතු ය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතු ය.


ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.


දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි.