අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
2 සාමුවෙල් 17:13 - Sinhala New Revised Version 2018 ඔහු යම් හෙයකින් නගරයකට ඇතුල් වී සිටියොත්, සියලු ඉශ්රායෙල්වරුන් ඒ නගරයට කඹ ගෙනවුත් එහි බොරළු කැටයක් වත් ඉතුරු නොවන තුරු අපි ඒ නගරය ගඟට ම ඇද දමන්නෙමු.” Sinhala New Revised Version ඔහු යම් හෙයකින් නගරයකට ඇතුල් වී සිටියොත්, සියලු ඉශ්රායෙල්වරුන් ඒ නගරයට කඹ ගෙනවුත් එහි බොරළු කැටයක් වත් ඉතුරු නොවන තුරු අපි ඒ නගරය ගඟට ම ඇද දමන්නෙමු.” Sinhala Revised Old Version ඇරත් ඔහු නුවරකට ඇතුල්වී සිටියොත් සියලු ඉශ්රායෙල්වරුන් ඒ නුවරට ලනු දමා, එහි කුඩා ගලක්වත් සම්බනොවෙන තුරු අපි ගඟටම ඒක ඇදදමන්නෙමුයයි කීවේය. |
අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.
“එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි.
එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.