ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 13:14 - Sinhala New Revised Version 2018

එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො‍ දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො‍ දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් ඔහු ඇගේ හඬට කන්නොදී ඈට වඩා ශක්තිමත් බැවින් ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකෙළේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 13:14
8 හුවමාරු යොමු  

එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.


එවිට අම්නො‍න් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නො‍න් ඈට කී ය.


ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.


‘තම සොහොයුරිය හෝ තම පියාගේ දුව හෝ තම මවගේ දුව හෝ සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.


එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය.