ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.
2 සාමුවෙල් 12:18 - Sinhala New Revised Version 2018 සත් වන දා දරුවා මැරුණේ ය. දාවිත්ගේ සේවකයෝ දරුවා මැරුණු බව ඔහුට දන්වන්න බිය වූ හ. මන්ද, “දරුවා ජීවත් ව සිටිය දී අප ඔහුට කතා කළ විට ඔහු අපේ හඬට සවන් දුන්නේ නැත. ඉතින් දරුවා මැරුණ බව ඔහුට කීවොත් සමහර විට ඔහු තමාට යම් අනතුරක් කරගන්නට බැරි නැතැ”යි ඔව්හු සිතූ හ. Sinhala New Revised Version සත් වන දා දරුවා මැරුණේ ය. දාවිත්ගේ සේවකයෝ දරුවා මැරුණු බව ඔහුට දන්වන්න බිය වූ හ. මන්ද, “දරුවා ජීවත් ව සිටිය දී අප ඔහුට කතා කළ විට ඔහු අපේ හඬට සවන් දුන්නේ නැත. ඉතින් දරුවා මැරුණ බව ඔහුට කීවොත් සමහර විට ඔහු තමාට යම් අනතුරක් කරගන්නට බැරි නැතැ”යි ඔව්හු සිතූ හ. Sinhala Revised Old Version සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය. |
ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.
එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.
අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.