එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
2 සාමුවෙල් 1:5 - Sinhala New Revised Version 2018 එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය. Sinhala New Revised Version එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය. Sinhala Revised Old Version එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව නුඹ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය. |
එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ.